Tuesday, December 14, 2010
NetADlk මුදල් ඉපයීමේ ලාංකීයත්වය
මම අද කියන්නේ ඔයාලට තවත් Bux අඩවියක් ගැනනම් නෙමෙයි.මම කියන්න හදන්නේ Adsense,Adbrite වගේ තවත් දැන්වීම් දෙන සමාගමක් ගැන.සමහර අය ඉන්නවා ඇති Adsense , Adbrite කියන්නේ මොනවද කියන එක දන්නේ නැති අය.
මේ Adsense , Adbrite කියන්නේ කොටින්ම කිව්වොත් දැන්වීම් වෙළඳපොලක් . මේවායේ වෙන්නේ මේකයි .අපි හිතමු මෙහෙම, කවුරු හරි කට්ටියක් මේ සමාගමක් එක්ක එකතු වෙලා දැන්වීමක් දානවා කියලා.මේ කට්ටිය මේ සමාගමට යම් කිසි මුදලක් දෙනවා.මේ සමාගමෙන් මේ වෙළඳ දැන්වීම් Website /Blog අයිති අයට දෙනවා.ඒ අය එයාලගේ Website /Blog වල මේ දැන්වීම් පලකරනවා.ඊට පස්සේ කවුරු හරි මේ දැන්වීම උඩ Click කරලා ඒ දැන්වීම බැලුවොත්.මේ Website / Blog එකේ අයිති කාරයාට යම්කිසි මුදලක් අර දැන්වීම් සමාගම දෙනවා.සමහර දැන්වීම් සමාගම් නම් දැන්වීම පෙන්වනවාටත් මුදල් දෙනවා. Adbrit ඒවගේ සමාගමක්.
මේකේ විශේෂත්වය මේකයි මේක ලංකාවේ සමාගමක්.ශ්‍රීලංකා රුපියල් වලින් තමයි ගනුදෙනු කරන්නේ.ඔයාලට රු 1000ක් පිරුනාම සල්ලි බැංකු ගිණුමකට හෝ ඔයාගේ Phone එකට Reload එකක් විදිහට වුනත් ගෙන්න ගන්න පුළුවන්. එතකොට වැඩේ තවත් ලේසීනේ. ඒවගේම මේකේ හොඳ පාරිබෝගික සේවයකුත් තියෙන්වා. සිංහලෙන් නම් සිංහලෙන් ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් නැත්නම් Singlish වලින් වුනත් E-mail මෙයාලට යැව්වට මෙයාලා ඒවටත් උත්තර සපයනවා.ඒ වගේම ඔයාලට කතාකරලා විසඳගන්න ගැටළුවක් තියෙනවානම් මේ තියෙන පාරිබෝගික සේවා දුරකථන අංක වලට කතා කරලා විසඳගන්න . 0778 683 296 / 0714 165 433 කියන්නේ ඒ දුරකථන අංක දෙක.
ඔයාලටත් Website එකක් හරි Blog එකක් හරි තියෙනවා නම් දැන් ඔයාලට තියෙන්නේ මේ NetADlk.com කියන අඩවියේ මුලින්ම Register වෙන්න.
මුලින්ම මේ www.netadlk.com කියන ලිපිනය ඔස්සේ NetADlk අඩවියට යන්න.ඊට පස්සේ ඔයා දැන්වීම් විකුනන කෙනෙක්ද නැත්නම් දැන්වීම් පෙන්නන එක්කෙනෙක්ද (Advertiser / Publisher )කියලා මේකේ තෝරන්න.ඔබ දැන්වීම් පෙන්වන්නෙක් නම් ඔබ Publisher ඇති Read more ගොස් එහි Apply now යන බොත්තම Click කරන්න.ඉන්පසු එන වින්ඩෝවේ පහල ඇතිI Agreeයන බොත්තම මත Click කරන්න.ඊට පස්සේ ඔයාට ලැබෙන Form එක පුරවන්න. ඒකේ පහලම තියෙන Publisher ID of the friend (If reffered by friend ) එකට isurulock කියන එක දාන්න අමතක කරන්නත් එපා.එතකොට මටත් ගානක් හම්බුවෙනවා.ඔයාලා අමතක කරන්න එපාඅ ඔයාලා Sign upවුන ගමන් ඔයාලට රු 150ක මුදලක් දෙනවා.ඔයාලත් කරලා බලන්න.මේ ආයතනයේ ඔබ පලකරන දැන්වීම් වලට යෙදෙන එක Click එකකට රු 1 ක් දෙනවා.මෙයාලා ලඟදීම දැන්වීම් පෙන්වනවාට සල්ලි දෙන්නලු යන්නේ.තව මෙයාලා එක දැන්වීමක් උඩ Click කරනවාට රු2ක් දක්වා වැඩි කරන්නත් යනවලු.ඔයාලා දැන් හිතයි එහෙනම් ඔයාලටම Click කරගෙන සල්ලි හොයාගන්න පුළුවන්නේ කියලා එහෙම කරන්න එපා.ඔයාගේ ගිණුම අත්හිටුවන්න ඒක හේතුවෙන්න පුළුවන්.තව දෙයක් තියෙනවා ඔයාගේ User name /Password අමතකනම් වැරදි ඒවා දිගටම ගහන්න එපා .3 පාරක් විතර ගැහුවොත් ඔයාගේ IP Address එක Block කරන්න පුළුවන්.එහෙනම් වැඩේ පටන් ගන්න.
Saturday, December 4, 2010
Onbux Cash out ගැන තවදුරටත්
ඔන්න මම තවත් සුබ ආරන්චියක් කියන්නයි හදන්නේ.ඒ තමයි මම Onbux එකේ දෙවනි Cash out එකත් ගන්න ලෑස්ති කියන එක.ඒත් මම ඒක දැන්ම ගන්නේ නෑ.මොකද දන්නවද? 2$ පිරුන ගමන්ම Alert pay එකට යවන එක මෝඩ වැඩක් මොකද එයාලා එක Cash out එකකදී 0.05$ මුදලක් අයකරනවා.ඒ කියන්නේ 2$ Cash out කලොත් අපිට හම්බුවෙන්නේ 1.95$ ඒක හින්දා පොඩ්ඩක් පිරෙනකන් ඉඳලා Cash outකරන එක හොඳයි.මගේ මේ Article දැකලා සමහරු අහනවා ඔයා කොහොමද ඔච්චර Referralලා හොයාගන්නේ කියලා.මම Referralලා හොයාගන්නේ මේ Blog එකෙන් හා මගේ යාළුවන් හරහා.දැන් මට Onbux එකේ Referralලා 15ක් විතර ඉන්නවා.ඔයාලත් මේ වගේ Blog එකක් හදාගෙන ඔයාගේ Referral Link එක යාළුවන් අතරේ යවන්න.ඔයාලා Blog හදන්න දන්නේ නැත්නම් මම ලඟදීම ඔයාලට Blog හදනහැටිත් කියලා දෙන්නම්.කොච්චර Referralලා හොයාගත්තත් වැඩක් නෑ හැමෝම Click කරන්නේ නෑ. මගෙත් 15ක් හිටියට 5-3 ත් අතර ගානක් තමයි දවසකට Click කරන්නේ.
Sunday, November 14, 2010
Alert Pay ගැන මුලක ඉඳලා ( 2 කොටස )
ඔයාලට මතක ඇති මගේ පළමු ලිපිය Alert Pay ගැන.ඒ ලිපියෙන් Alert Pay ගැන ගොඩාක් දේවල් කියන්න මට බැරිවුනා.මම අද ඒ අඩුව පුරවනවා.Alert Pay කියන්නේ Online බැංකුවක් ඒත් ඉතින් මේකේ සල්ලි දාලා තිබ්බා කියලා පොලී වෙන්නේ නැ.මේ Alert Pay එකට බැංකුවක් කියනවාට වඩා යෝග්‍යයි Online මුදල් හුවමාරු කරන තැනක් කියන එක. මේ Alert Pay 100%ක්ම විශ්වාසී Site එකක්.අපි මොන මොන ක්‍රමයකට හරි හොයපු සල්ලි මේ Alert Pay Account එක ඔස්සේ ඔයාලට ගෙදරට Check මගින් හෝ බැංකුවක්ට ගෙන්වාගන්න පුළුවන්.හැබැයි ඔයාලා ඔය ඔය සල්ලි ගෙන්වනකොට ඒ සඳහා මුදලක් අය කරනවා. 20$ සඳහා තැපැලෙන් එවනවානම් 4$ සහ බැංකු මගින් එවනවා නම් 5$ වගේ බැංකු මගින් එවනකොට ඒ ගණන වෙනස් වෙනවා.ඒක හින්දා පුළුවන් තරම් සල්ලි එකතු කරලා ගෙදරට ගෙන්න ගන්න එක තමා ගොඩාක්ම හොඳ.
මේ Alert Pay Account එක ඔස්සේත් සල්ලි හොයන්න පුළුවන්.ඒ ක්‍රමය තමයි අපි අනිත් Bux Account වලත් කරන Referral ක්‍රමය.අපි Alert Pay Account එකට Log වුනාම ඔයාලට දැක ගන්න පුළුවන් ඉහළ දකුණු කෙලවරේ තියෙන Earn Money කියන Button එක.ඒක උඩ Click කරන්න.එතකොට ඔයාලට පෙනෙයි Referral ,Link Code, Banner කියලා 3ක්.ඒකේ Referral කියන එකේ තියෙන්නේ ඔයා ඔස්සේ Alert Pay Account හදපු අයගේ List එක.ඒ අය Alert Pay එක ඔස්සේ ගණුදෙණු කරනකොට අපිටත් පොඩි කොටසක් එනවා.ඒ වගේම තව ක්‍රමයක් තමයි ඔය Banner ක්‍රමය.Banner දැම්මහම ඒක උඩ Click කරලා කවුරු හරි Alert Pay Account එකක් හැදුවොත්.ඔයාලගේ Referral ලා වෙනවා.
තව ක්‍රමයකට ඔයාලට සල්ලි ගන්න පුළුවන් ඒ තමයි Pay Pal ගිණුමක් හදලා ඒ ඔස්සේ ඔයාලට E bay අඩවියෙන් බඩු එහෙම ගෙදරට ගෙන්වාගන්න පුළුවන්.මම ඒ Pay Pal Account එකක් හදන හැටි ඔයාලට ඉස්සරහදි කියලා දෙන්නම්.
Friday, November 12, 2010
Onbux Cash out කලා
මම ඔයාලට සුභම සුභ ආරංචියක් කියන්නයි යනේම් මොකක්ද දන්නවාද අපි මෙච්චර කාලයක් Click කරපු Onbux Account එකන් මම සල්ලි ගත්තා කියන එක.අපි ඉතින් තාම එච්චර කාලයකුත් නැහැනේ මේ වැඩේට බැහැලා.හොඳට Referral ලා ඉන්නවානම් මෙච්චරවත් කාලයක් යන්නේ නැහැ.Referral ලා 5ක් විතර ඉන්නවානම් සති 2න් 2ට වගේ සල්ලි ගන්න පුළුවන් වෙයි.හැබැයි අඩුම යවන්න පුළුවන් සල්ලි ප්‍රමාණය 2$ හැබැයි 0.06$ ගානක් එයාලා සේවා ගාස්තු අය කරනවා.ඒක හින්දා ඔයාලා 2$ පිරිච්ච ගමන් ගන්නේ නැතුව පොඩ්ඩක් පිරුනහම ගන්න.සල්ලි Alert pay එකට යවනකොට හැබැයි Pin Code එක ඉල්ලනවා.ඒක මතක තියෙනවානම් ගහන්න.නැත්නම් ඉතින් එතන තියෙනව Forgot Pin කියලා එකක් ඒකෙන් ගිහින් Pin එක හොයාගන්න.Cash Out කරපු සැනින් Alert Pay Account එකට එනවා.
Friday, October 29, 2010
File Upload කර සල්ලි හොයන්න ( Fileserve )
ඔයාලට මම අද කියන්නේ Bux සම්බන්ධ දෙයක් ගැන නෙමෙයි. මේ කියන විදිහ අනුව අපිට පොඩි වැඩක් කරන්න තියෙන්නේ.ඔයාට තියෙන්නේ මේ මම කියන Site එකේ ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඔයාට හම්බුවෙනවා 500GB වෙබ් ඉඩක් ඔයාට ඒ වෙබ් ඉඩේ ඕනැම File ප්‍රමානණයක් Upload කරන්න පුළුවන්.හැබැයි ඔයා දාන එක File එකක උපරිම ප්‍රමාණය වෙන්න පුළුවන් 1024MB ඒ කිව්වේ 1GB.ඔයා ඒ කියපු විදිහට ඔයාගේ ඒ File Internet එකට Upload කරාම ඒ File වෙනම list එකක පෙන්නන්න පටන් ගන්නවා.ඒ File වල Link එක අරගෙන ගිහින් ඔයාගේ යාළුවන් අතරේ ප්‍රසිද්ධ කරන්න.ඒ අය ඇවිත් මේ File එක Download කරාම ඔයාට සල්ලි හම්බුවෙනවා.මම මේ දාලා තියෙන වගුවේ පිලිවලට තමා ඒත් හම්බුවෙන්නේ ඒ කිව්වේ අපි ලොකු File එකක් Upload කරලා ඒ File එක 1000ක් Upload කලොත් අපිට $25ක් ම හම්බුවෙනවා.ඒ වුනාට අපේ File Download කරන එක්කෙනා ඉන්න රට අනුව ඒක වෙනස් වෙනවා.
ඔය මම දාලා තියෙන වගුවේ A කියන වර්ගයට අයිති වෙන්නේ ඇමරිකාව ,එක්සත් රාජධානිය ,කැනඩාව කියන රටවල් B කියන වර්ගෙට අයිතිවෙන්නප්‍රන්ශය,ජර්මනිය ස්පාඤ්ඤය ,පෘතුගාලය ,ඉතාලිය ,ඩෙන්මාර්කය , ස්වීඩනය ,ස්විට්සර්ලන්තය ,නෙදර්ලන්තය ,නොර්වේ ,අයර්ලන්තය ,පින්ලන්තය ,ඕස්ටේලියාව ,නවසීලන්තය කියන රටවල් C වර්ගයට අයිති වෙන්නේ රුසියාව, ඕස්ට්‍රියාව ,පෝලන්තය ,රුමේනියාව,හන්ගේරියාව , චෙච් ජනපදය ,බෙල්ජියම ,Latvia ,Estonia,ලිතුවේනියාව , ල්ක්සම්බර්ග් , ස්ලොවේනියාව,ස්ලෝවැකියාව ,සයිප්‍රස් , Sierra Leone , Liechtenstein , Bulgaria , ග්‍රීසිය ,තුර්කිය ,ඉරානය ,ජපානය ,සිංගප්පූරුව ,මලයාසියාව ,දකුණු අප්‍රිකාව,කුවේට් ,බහරේන්,කටාර් ,සවුදි අරාබිය ,එක්සත් අරාබි එමීර් රාජ්යය , බ්‍රසීලය , ඕමාන් ,Malt ,Gibraltar කියන රටවල්. D කියන වර්ගයට අයිති වෙන්නේ වෙනත් රටවල්.ඒ කියනේ මේ වෙනත් ගොඩේ තමයි අපේ මේ ශ්‍රීලංකාව තියෙන්නේ. අඩු ගානක් හම්බුනාට අපේ රටේ අය ගොඩක් Download කලාම අපිටත් හොඳ ගානක් හොයාගන්න පුළුවන්.ඒවගේමයි ඔයාගේ Referral ලා හම්බුකරන ප්‍රමාණයෙන් 25%ක් ඔයාට හම්බුවෙනවා.ඒ වුනාට ඒ Referral ලාට හම්බුවෙන ගානේ කිසිම අඩුවක් වෙන්නේ නැ.ඒවගේම තමයි ඔයාට පුළුවන් Alert Pay, PayPal කියන ඒවා ඔස්සේ සල්ලිගන්න පුළුවන්.
Thursday, October 28, 2010
Onbux Referrals ලා ආදාරයෙන් සල්ලි හෙවීම
අපි හිතමු ඔයාලා ඔයාගේ යාළුවෙකුට ඔයාගේ Referral Link එක යවලා එයාව ඔයාගේ Referral කරගන්න හදනවා කියලා.ඔයා එතකොට යවන්න ඕනේ Your Referral Link කියන එක.ඔයාගේ යාළුවා ඒ Link එක උඩ Click කරලා Onbux Home Page එකට ගිහින් එයාට අළුත් Account එකක් හදාගත්තහම එයා ඔයාගේ Referral වෙනවා.එයා Click කරන වාරයක් ගානේ ඔයාටත් සල්ලි හම්බුවෙනවා.ඒ විදිහටම Banner වලිනුත් Referrals ලා එනවා ඔය Banner Code එක ඔයාගේ බ්ලොග් එකේ හරි Forum එකක හරඉ දාලා ඒක ඔස්සේ කවුරු හරි Onbux එකේ Register වුනොත් එයා ඔයාගේ Referral වෙනවා.එහෙම Referral ලා හදන්න පුළුවන් කියලා ඔයාලා ඔයාගෙම Computer එකෙන් Referrals ලාට Account හදන්න යන්න එහෙම එපා.ඔයාලගේ තියන Account එකත් අයින් කරලා දායි.මම මේ පහලින් දාලා තියෙන්නේ මගේ Referral Link එක.
Saturday, October 23, 2010
Neobux වලින් සල්ලි හොයන්න ( 1 කොටස )
මම අද කියන්නේ Onbux වගේම විශ්වාසවන්ත Bux අඩවියක් ගැන.මේකේ නම තමා Neobux මේක තමයි ගොඩක්ම අය පාවිච්චි කරන Bux අඩවිය.හොඳ ගානකුත් හම්බුවෙනවා. ඒකිව්වේ එක දැන්වීමක් බැලුවට ඩොලර් 0.01ක් විතර.ඒවගේම ඔයාලා ඔස්සේ එන සාමාජිකයින් Click කරනවාට 0.005ක මුදලක් හම්බුවෙනවා.මම ඒ විදිහට සල්ලි හොයන හැටිත් ඔයාලට කියලා දෙන්නම්.මේකෙත් දවසකට දෙන්නේ දැන්වීම් හතරයි.දැන්වීම උඩ Click කරලා ඒ දැන්වීම උඩට එන රතු බෝලය උඩ Click කලාම දැන්වීම.පෙන්වන්න ගන්න්වා.ඒ දැන්වීමට උඩින් පොඩි කොටුවක දැන්වීම Load වෙනවා Load වෙලා ඉවර වුණාම හරියක් වැටෙනවා.එතකොට ඔය Tab එක Close කරලා අළුත් දැන්වීමක් අර කලින් කියපු විදිහටම විවෘත කරන්න.එකපාර ඔක්කෝම දැන්වීම් Click කලාට සල්ලි හම්බුවෙන්නේ නෑ කියන එකත් මතක තියාගන්න ඕනේ.
ඒ වගේම තමයි ඔයාලා ඔයාගේ යාළුවන්ට මේ විදිහට Neobux හෝ Onbux ගිණුම් හදලා දෙන්න යන්න එපා.මොකද එක පරිගණකයකින් හදන්න පුළුවන් එක ගිණුමක් නිසා.ඒ ඇයි දන්නවාද එයාලා අපි පළවෙනියාට Account එකට Log වෙනකොට අපේ Computer එකේ ඔක්කෝම විස්තර ගන්නවා.ඒ විදිහට ගිණුම් ගොඩක් හදන්න Try කලොත් ඔයාගේ ඔය තියෙන ගිණුමත් නැතිවෙයි.එතකොට ඔයා හොයපු සල්ලිත් අපරාදෙනේ.එතකොට ඔයා කියයි තව ගිනුමක් හදන්න පුළුවන් කියලා ඔව් පුළුවන් නමුත් අර පරන Alert pay Account එකම යොදන්න බෑ.ඒක හින්දා අළුත් Alert pay ගිණුමකුත් ඔයාට හදන්න වෙනවා.ඔන්න Alert pay ගිණුම්නම් ඕන තරමක් හදන්න පුළුවන්.මේකටම කියලා වෙනම Internet යන එක මෝඩ වැඩක් හින්දා ඔයාලත් ඔය නිකන් Internet එකේ කැරකෙන වෙලාවේ මේක කරන්න. Facebook එකේ ඉන්නකොට එහෙම.අනික දැන්වීම් 4 නේ.
Friday, October 22, 2010
Onbux එක්ක සල්ලි හොයන්න ආරම්භයක් (1 කොටස)
මම දැන් කියන්න හදන්නේ මුදල් උපයන විදිහ.මම මුලින් කියපු විදිහට Alert Pay ගිණුමක් හදාගත්තට පස්සේ.ඔයාලා මම මේ කියන විදිහට Onbux ගිනුමක් හදාගන්න ඕනේ.මේ Bux කියන Web Site වල තියෙන්නේ අනුන්ගේ දැන්වීම් බලලා සල්ලි හොයන්න.අපි මේ Onbux අඩවියේ ගිණුමක් හදාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ හැමදාම Log වෙලා එයාලා දෙන දැන්වීම් 4 හෝ 5 බලන්න.මේ බලන එක දැන්වීමකට ඩොලර් 0.02ක් හම්බවෙනවා.මේ විදිහට හැමදාම දැන්වීම් බලලා $ 2ක් හොයාගත්තට පස්සේ ඔයාලට ඒ සල්ලි Alert Pay ගිණුමට යවන්න පුළුවන්.මේවගේ Bux අඩවි ගොඩක් තියෙනවා නමුත් මේ Bux අඩවි හැම එකකම සල්ලි දෙන්නේ නෑ.සල්ලි ගන්න නම් හොඳ වගකීමක් තියෙන අඩවිවල Register වෙන්න ඕනේ.අපි මේ බ්ලොග් එකෙන් කියන්නේ වගකීමක් තියෙන අඩවි ගැන විතරඉ ඒක හින්දා කිසිම් අපහසුතාවකට ඔයාලව පත්වෙන්නේ නෑ.මම මෙතනින් Onbuxගැන කියලා දෙන එක නවත්තන්නේ නෑ සියළුම දේ ඔයාලට කියලා දෙනවා.
Aler Pay Account එකක් හදමු ( 1 කොටස )
මම මේ අඩවිය ආරම්භ කරන්නේ ඔය හැමෝටම Internet මුදල් ගැන කියලා දෙන්න.ඔයාලා මම නොදන්න දෙයක් දන්නවානම් Comment ඔස්සේ ඒවා මාත් එක්ක බෙදාගන්න අකමැති වෙන්න එපා.
මම මුලින්ම පටන්ගන්නම් Alert Pay එකක් හදන තැනෙන්. Alert Pay කියන්නේ Online මුදල් ගණුදෙනු කරන Web Site එකක්.අපි මොනවාහරි ක්‍රමයකට මුදල් ඉපයුවොත් ඒ මුදල අපිට මේ Alert Pay එක ඔස්සේ ගෙදරට හෝ බැංකු ගිණුමකට ගෙන්වාගත හැකී.
දැන් ඔබ පහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට Alert Pay ගිණුමක් හදාගන්න.ඔබ ශ්‍රීලංකාවේනම් ඔබට අයිති Postal code. එක පහල තියෙන Link එකෙන් ලබාගන්න.ඔයාලා ඔය පුරවන Form වල තියෙනවා Pin එකක් ඒකට දාන අංකය අමතක කරන්න එපාඒක ඔයාට සල්ලි ගෙන්වනකොට ඔවමනාවෙනවා.
Subscribe to:
Posts (Atom)