Showing posts with label Alert pay. Show all posts
Showing posts with label Alert pay. Show all posts

Sunday, November 14, 2010

Alert Pay ගැන මුලක ඉඳලා ( 2 කොටස )

                                                        
                                                       ඔයාලට මතක ඇති මගේ පළමු ලිපිය Alert Pay ගැන.ඒ ලිපියෙන් Alert Pay ගැන ගොඩාක් දේවල් කියන්න මට බැරිවුනා.මම අද ඒ අඩුව පුරවනවා.Alert Pay කියන්නේ Online බැංකුවක් ඒත් ඉතින් මේකේ සල්ලි දාලා තිබ්බා කියලා පොලී වෙන්නේ නැ.මේ Alert Pay එකට බැංකුවක් කියනවාට වඩා යෝග්‍යයි Online මුදල් හුවමාරු කරන තැනක් කියන එක. මේ Alert Pay 100%ක්ම විශ්වාසී Site එකක්.අපි මොන මොන ක්‍රමයකට හරි හොයපු සල්ලි මේ Alert Pay Account එක ඔස්සේ ඔයාලට ගෙදරට Check මගින් හෝ බැංකුවක්ට ගෙන්වාගන්න පුළුවන්.හැබැයි ඔයාලා ඔය ඔය සල්ලි ගෙන්වනකොට ඒ සඳහා මුදලක් අය කරනවා. 20$ සඳහා තැපැලෙන් එවනවානම් 4$ සහ බැංකු මගින් එවනවා නම් 5$ වගේ බැංකු මගින් එවනකොට ඒ ගණන වෙනස් වෙනවා.ඒක හින්දා පුළුවන් තරම් සල්ලි එකතු කරලා ගෙදරට ගෙන්න ගන්න එක තමා ගොඩාක්ම හොඳ.


                                                               මේ Alert Pay Account එක ඔස්සේත් සල්ලි හොයන්න පුළුවන්.ඒ ක්‍රමය තමයි අපි අනිත් Bux Account වලත් කරන Referral ක්‍රමය.අපි Alert Pay Account එකට Log වුනාම ඔයාලට දැක ගන්න පුළුවන් ඉහළ දකුණු කෙලවරේ තියෙන Earn Money කියන Button එක.ඒක උඩ Click කරන්න.එතකොට ඔයාලට පෙනෙයි Referral ,Link Code, Banner කියලා 3ක්.ඒකේ Referral කියන එකේ තියෙන්නේ ඔයා ඔස්සේ Alert Pay Account හදපු අයගේ List එක.ඒ අය Alert Pay එක ඔස්සේ ගණුදෙණු කරනකොට අපිටත් පොඩි කොටසක් එනවා.ඒ වගේම තව ක්‍රමයක් තමයි ඔය Banner ක්‍රමය.Banner දැම්මහම ඒක උඩ Click කරලා කවුරු හරි Alert Pay Account එකක් හැදුවොත්.ඔයාලගේ Referral ලා වෙනවා.          

    තව ක්‍රමයකට ඔයාලට සල්ලි ගන්න පුළුවන් ඒ තමයි Pay Pal ගිණුමක් හදලා ඒ ඔස්සේ ඔයාලට E bay අඩවියෙන් බඩු එහෙම ගෙදරට ගෙන්වාගන්න පුළුවන්.මම ඒ Pay Pal Account එකක් හදන හැටි ඔයාලට ඉස්සරහදි කියලා දෙන්නම්.


Friday, October 22, 2010

Aler Pay Account එකක් හදමු ( 1 කොටස )


                                                                 මම මේ අඩවිය ආරම්භ කරන්නේ ඔය හැමෝටම Internet මුදල් ගැන කියලා දෙන්න.ඔයාලා මම නොදන්න දෙයක් දන්නවානම් Comment ඔස්සේ ඒවා මාත් එක්ක බෙදාගන්න අකමැති වෙන්න එපා.
මම මුලින්ම පටන්ගන්නම් Alert Pay එකක් හදන තැනෙන්. Alert Pay කියන්නේ Online මුදල් ගණුදෙනු කරන Web Site එකක්.අපි මොනවාහරි ක්‍රමයකට මුදල් ඉපයුවොත් ඒ මුදල අපිට මේ Alert Pay එක ඔස්සේ ගෙදරට හෝ බැංකු ගිණුමකට ගෙන්වාගත හැකී.
දැන් ඔබ පහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට Alert Pay ගිණුමක් හදාගන්න.ඔබ ශ්‍රීලංකාවේනම් ඔබට අයිති Postal code. එක පහල තියෙන Link එකෙන් ලබාගන්න.ඔයාලා ඔය පුරවන Form වල තියෙනවා Pin එකක් ඒකට දාන අංකය අමතක කරන්න එපාඒක ඔයාට සල්ලි ගෙන්වනකොට ඔවමනාවෙනවා.



FileServe