Showing posts with label Onbux. Show all posts
Showing posts with label Onbux. Show all posts

Saturday, December 4, 2010

Onbux Cash out ගැන තවදුරටත්

                                                                                                      
                                                                                  ඔන්න මම තවත් සුබ ආරන්චියක් කියන්නයි හදන්නේ.ඒ තමයි මම Onbux එකේ දෙවනි Cash out එකත් ගන්න ලෑස්ති කියන එක.ඒත් මම ඒක දැන්ම ගන්නේ නෑ.මොකද දන්නවද? 2$ පිරුන ගමන්ම Alert pay එකට යවන එක මෝඩ වැඩක් මොකද එයාලා එක Cash out එකකදී 0.05$ මුදලක් අයකරනවා.ඒ කියන්නේ 2$ Cash out කලොත් අපිට හම්බුවෙන්නේ 1.95$ ඒක හින්දා පොඩ්ඩක් පිරෙනකන් ඉඳලා Cash outකරන එක හොඳයි.මගේ මේ Article දැකලා සමහරු අහනවා ඔයා කොහොමද ඔච්චර Referralලා හොයාගන්නේ කියලා.මම  Referralලා හොයාගන්නේ මේ Blog එකෙන් හා මගේ යාළුවන් හරහා.දැන් මට Onbux එකේ Referralලා  15ක් විතර ඉන්නවා.ඔයාලත් මේ වගේ Blog එකක් හදාගෙන ඔයාගේ Referral Link එක යාළුවන් අතරේ යවන්න.ඔයාලා Blog හදන්න දන්නේ නැත්නම් මම ලඟදීම ඔයාලට Blog හදනහැටිත් කියලා දෙන්නම්.කොච්චර Referralලා හොයාගත්තත් වැඩක් නෑ හැමෝම  Click කරන්නේ නෑ. මගෙත් 15ක් හිටියට 5-3 ත් අතර ගානක් තමයි දවසකට Click කරන්නේ.



Friday, November 12, 2010

Onbux Cash out කලා

                                                                  
                                                                    මම ඔයාලට සුභම සුභ ආරංචියක් කියන්නයි යනේම් මොකක්ද දන්නවාද අපි මෙච්චර කාලයක් Click කරපු Onbux Account එකන් මම සල්ලි ගත්තා කියන එක.අපි ඉතින් තාම එච්චර කාලයකුත් නැහැනේ මේ වැඩේට බැහැලා.හොඳට Referral ලා ඉන්නවානම් මෙච්චරවත් කාලයක් යන්නේ නැහැ.Referral ලා 5ක් විතර ඉන්නවානම් සති 2න් 2ට වගේ සල්ලි ගන්න පුළුවන් වෙයි.හැබැයි අඩුම යවන්න පුළුවන් සල්ලි ප්‍රමාණය 2$ හැබැයි 0.06$ ගානක් එයාලා සේවා ගාස්තු අය කරනවා.ඒක හින්දා ඔයාලා 2$ පිරිච්ච ගමන් ගන්නේ නැතුව පොඩ්ඩක් පිරුනහම ගන්න.සල්ලි Alert pay  එකට යවනකොට හැබැයි Pin Code එක ඉල්ලනවා.ඒක මතක තියෙනවානම් ගහන්න.නැත්නම් ඉතින් එතන තියෙනව Forgot Pin කියලා එකක් ඒකෙන් ගිහින් Pin එක හොයාගන්න.Cash Out කරපු සැනින් Alert Pay Account එකට එනවා.




Thursday, October 28, 2010

Onbux Referrals ලා ආදාරයෙන් සල්ලි හෙවීම


                                                     මම පළවෙනිපාර ඔයාලට Onbux ගිණුමක් හදාගන්න හැටි කියලා දුන්නනේ.දැන් මම කියලා දෙන්නේ ඒ Onbux ගිණුමේ Referral Link එක යොදාගෙන මුදල් උපයන විදිහ.මේක සාමාන්‍යයෙන් කවුරුත් කියලා දෙන්නේ නැ . ඒත් අපි කාට හරි මොනවා හරි කියලා දෙනවානම් අඩුනැතුව කියලා දෙන එක අපේ යුතුකමක් නේ.ඔන්න එහෙනම් අපි වැඩේ පටන්ගමු කවුද මේ Referrals ලා කියන්නේ? Referrals ලා කියන්නේ අපේ මගපෙන්වීම යටතේ මේ Onbux ගිණුම් හදන අයට.එතකොට එයාලා Click කරන වාරයක් පාසා අපිට ගානක් හම්බුවෙනවා.එහෙම අපිට යම් මුදලක් හම්බුනා කියලා එයාලට හම්බුවෙන ගානෙන් කීයක්වත් අඩුවෙන්නේ නැ.අමත් බ්ලොග් එකේ පහල මේ විදිහට ගත්ත Referral Banner එකක් දාලා තියෙනවා.ඔයාගේ Referral Link / Banner ගන්නේ මෙහෙමයි මුලින්ම ඔයා ඔයාගේ Onbux Account එකට Log in වෙන්න ඊට පස්සේ ඔයාට දැකගන්න ලැබෙයි ඔයාගේ Screen එකේ වම් පැත්තේ Global යටතේ Banner කියලා එකක් තියෙනවා.ඒකට යන්න එතකොට මම මේ ඉහලින් දාලා තියෙන Photo එකේ වගේ Screen එකක් ඔයාට ලැබෙයි.ඒ තියෙන්නේ ඔයාගේ Referral Link එක තියෙන Banner වලට අදාල Code.උඩින්ම තියෙන්නේ ඔයාකාට හරි යවන Link එකේ සඳහන් වෙන්න ඕන නම.සාමාන්‍යයෙන් ඒක වැටිලා තියෙන්නේ ඔයාගේ User name එකෙ ඒත් එයිට පහලින් තියෙන එන එක Select කලාම ඔයාට පුළුවන් ඔයාගේ නම නැතුව වෙනම අකුරුවගයක් පෙන්වන්න.
                                               
                                                  අපි හිතමු ඔයාලා ඔයාගේ යාළුවෙකුට ඔයාගේ Referral Link එක යවලා එයාව ඔයාගේ Referral කරගන්න හදනවා කියලා.ඔයා එතකොට යවන්න ඕනේ Your Referral Link කියන එක.ඔයාගේ යාළුවා ඒ Link එක උඩ Click කරලා Onbux Home Page එකට ගිහින් එයාට අළුත් Account එකක් හදාගත්තහම එයා ඔයාගේ Referral වෙනවා.එයා Click කරන වාරයක් ගානේ ඔයාටත් සල්ලි හම්බුවෙනවා.ඒ විදිහටම Banner වලිනුත් Referrals ලා එනවා ඔය Banner Code එක ඔයාගේ බ්ලොග් එකේ හරි Forum එකක හරඉ දාලා ඒක ඔස්සේ කවුරු හරි Onbux එකේ Register වුනොත් එයා ඔයාගේ Referral වෙනවා.එහෙම Referral ලා හදන්න පුළුවන් කියලා ඔයාලා ඔයාගෙම Computer එකෙන් Referrals ලාට Account හදන්න යන්න එහෙම එපා.ඔයාලගේ තියන Account එකත් අයින් කරලා දායි.මම මේ පහලින් දාලා තියෙන්නේ මගේ Referral Link එක.




Friday, October 22, 2010

Onbux එක්ක සල්ලි හොයන්න ආරම්භයක් (1 කොටස)


මම දැන් කියන්න හදන්නේ මුදල් උපයන විදිහ.මම මුලින් කියපු විදිහට Alert Pay ගිණුමක් හදාගත්තට පස්සේ.ඔයාලා මම මේ කියන විදිහට Onbux ගිනුමක් හදාගන්න ඕනේ.මේ Bux කියන Web Site වල තියෙන්නේ අනුන්ගේ දැන්වීම් බලලා සල්ලි හොයන්න.අපි මේ Onbux අඩවියේ ගිණුමක් හදාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ හැමදාම Log වෙලා එයාලා දෙන දැන්වීම් 4 හෝ 5 බලන්න.මේ බලන එක දැන්වීමකට ඩොලර් 0.02ක් හම්බවෙනවා.මේ විදිහට හැමදාම දැන්වීම් බලලා $ 2ක් හොයාගත්තට පස්සේ ඔයාලට ඒ සල්ලි Alert Pay ගිණුමට යවන්න පුළුවන්.මේවගේ Bux අඩවි ගොඩක් තියෙනවා නමුත් මේ Bux අඩවි හැම එකකම සල්ලි දෙන්නේ නෑ.සල්ලි ගන්න නම් හොඳ වගකීමක් තියෙන අඩවිවල Register වෙන්න ඕනේ.අපි මේ බ්ලොග් එකෙන් කියන්නේ වගකීමක් තියෙන අඩවි ගැන විතරඉ ඒක හින්දා කිසිම් අපහසුතාවකට ඔයාලව පත්වෙන්නේ නෑ.මම මෙතනින් Onbuxගැන කියලා දෙන එක නවත්තන්නේ නෑ සියළුම දේ ඔයාලට කියලා දෙනවා.


FileServe